යසවර්ධන රුද්රිගූ I
ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය ණය හිමියන් සමඟ සාකච්ඡා ඇරඹූ 2022 සැප්තැම්බර් මාසයේ සිට 2023 දෙසැම්බර් 31දා දක්වා කාලය තුළ රජය ඇමෙරිකානු ඩොලර් බිලියන 14.49ක ණය ලබාගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසයි.
2022 වසරේ සැප්තැම්බර් මාසයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 81.67ක්ව තිබූ සමස්ත ණය ප්‍රමාණය 2023 දෙසැම්බර් 31 වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 96,16 දක්වා ඉහළ නැග තිබූ බව මහාචාර්යවරයා දේශය පුවත්පතට අනාවරණය කළේය. ඩොලරයේ රුපියල් අගය මත මෙම ණය ප්‍රමාණය ස්වල්ප වශයෙන් වෙනස් වීමට ඉඩ තිබේ.
2022 වසරේ සැප්තැම්බර්වල ඩොලර් බිලියන 35.84ක්ව තිබූ දේශීය ණය 2023 වසර අවසන් වනවිට බිලියන 52.64 දක්වා ඩොලර් බිලියන 16.80කින් ඉහළ නැග තිබූ අතර 2022 සැප්තැම්බර් මාසයේ ඩොලර් බිලියන 35.05ක්ව තිබූ විදේශ ණය 2023 අවසානය වනවිට බිලියන 37.33 දක්වා බිලියන 2.28කින් ඉහළ නැග තිබේ.
මෙයින් අදහස් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාකච්ඡා පවත්වමින් සිටියදී පවා තවත් ණය ගැනීම බව පවසන මහාචාර්යවරයා යළි ණය ගෙවීම ආරම්භ කිරීම තවත් කල් ගියහොත් ඒ කාලය තුළද ණය ලබාගැනීමට සිදුවීමෙන් ණය අර්බුදය වැඩිදුරටත් උග්‍ර වනු ඇති බව අවධාරණය කරයි.