2024 මැයි 18 වන සෙනසුරාදා

ජනපතිගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවෙන් පොහොට්ටුවට විරෝධය

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 34

දේශපාලන වාර්තාකරු I

ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවට පොහොට්ටුවේ නියෝජිතයන් කැඳවීම සම්බන්ධයෙන් එම දේශපාලන කමිටුවේ ප්‍රබලයන් විරෝධය පළ කර තිබේ.

මෙම විරෝධය නිසා මේ සතියේ සඳුදා පැවති දේශපාලන කමිටු රැස්වීම නිමල් ලන්සා සහ අනුර යාපා යන ජ්‍යෙෂ්ඨයන් දෙදෙනා විසින් වර්ජනය කර ඇතැයි වාර්තා වෙයි. මෙම කමිටු රැස්වීමෙන් පසු පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට ද ඔවුන් සහභාගි වූයේ නැත.

මෙම රැස්වීමෙන් අනතුරුව පැවති ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සඳහා පිහිටුවන නව දේශපාලන සන්ධාන නායකයන්ගේ රැස්වීමේදී එයට සහභාගි වූ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග කළ යුත්තේ පොහොට්ටුවේ සහාය නොමැතිව බවය. පොහොට්ටුව වෙනමත් ජනාධිපතිවරයා වෙනමත් ජනපති සටනට ඉදිරිපත් විය යුතු බව එම පිරිස යෝජනා කර ඇතැයි පැවසේ.