දේශපාලන වාර්තාකරු I
වසර ගණනාවක් අලාභ ලැබූ ශ්‍රීලන්කන් ගුවන් සේවය 2023 වසරේදී රුපියල් මිලියන 79.78 මෙහෙයුම් ලාබයක් ලබා ඇතැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි. එහෙත් වර්ෂ 2021 දී ශ්‍රීලන්කන් ගුවන් සේවය රුපියල් බිලියන 166ක්ද 2022 වසරේදී රුපියල් බිලියන 74ක්ද අලාභ ලැබීය.
දැනට විශාල ණය බරකට යටත්ව ඇති ශ්‍රී ලන්කන් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය පසුගියදා අයැදුම්පත් කැඳවනු ලැබීය. ඒ සඳහා ඉල්ලුම්කරුවන් 6 දෙනකු සිය අභිලාෂය ප්‍රකාශ කර තිබිණි.
1979 වසරේ ආරම්භ කළ ශ්‍රීලන්කන් ගුවන් සේවය දැන් රටවල් 59ක ගමනාන්ත 113කට සේවා සපයයි.