2024 මැයි 25 වන සෙනසුරාදා

පසුගිය වසරේ ඍජු ආයෝජන බසී

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

ව්‍යාපාරික වාර්තාකරු I

වර්ෂ 2022 ට සාපේක්ෂව 2023 දී මෙරටට පැමිණි ඍජු විදේශ ආයෝජන අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාව කියයි. ඒ අනුව 2022 වසරේදී ශ්‍රී ලංකාව ලද ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 884 කි. 2023 දී එම ප්‍රමාණය ඩොලර් මිලියන 172කින් පමණ පහත වැටී ඇත. ඒ අනුව 2023 දී ශ්‍රී ලංකාවට ලැබුණු ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 712 කි.