2024 ජුනි 15 වන සෙනසුරාදා

නීතිපති‌ගේ සේවා දිගුව ඡන්දයකට යයි!

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:02 213

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාගේ සේවා දිගුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඡන්දයක් පැවැත්වීමට ඉඩ ඇතැයි විපක්ෂයේ ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි.

දැනටමත් මෙම සේවා දිගුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විරුද්ධ වන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට පවසා තිබේ. එම පක්ෂ මතය අනුව ව්‍යවස්ථා සභාවේ විපක්ෂ නියෝජිතයන් ලබන 18 දා මෙම කරුණ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ව්‍යවස්ථා සභාව රුස්වූ විට ක්‍රියා කරනු ඇති බව විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.