2024 ජුලි 13 වන සෙනසුරාදා

ශ්‍රී ලාංකිකයන් වසරකට රා බොන තරමක්

 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 183

ව්‍යාපාරික වාර්තාකරු I

ශ්‍රී ලාංකිකයන් වසරකට ''රා'' ලීටර් මිලියන 52ක් පරිභෝජනය කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි. මෙම ලීටර් මිලියන 52ට බෝතල් කළ රා නිපදවන නිෂ්පාදනාගාර 38 ක නිෂ්පාදන ද ඇතුළත්ය. රා නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස මුහුදුබඩ පළාත්වල සිදුකෙරෙතත් ස්වභාවික රා වලට අභියෝගයක් ලෙස කෘත්‍රිම රා නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.