2024 ජුලි 27 වන සෙනසුරාදා

ජනපතිවරණය සැප්තැම්බර් 21 දා - නාමයෝජනා අගෝස්තු 15දා

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:01 71

• ගයාන් ගාල්ලගේ I

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා පැවැත්වීමට තීරණය කළ බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කර සිටියේය.

ඒ අනුව 21 දා පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා බාරගැනීම සඳහා අගෝස්තු 15 දා පෙරවරු 9.00 සිට 11.00 දක්වා සිදු කරනු ඇති බවත් එම ගැසට් නිවේදනය සඳහන් කරයි. අදාළ නාමයෝජනා බාරගැනීම රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම හමුවේ සිදු කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ. ඒ අනුව මෙම මැතිවරණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා පත් කිරීමට නියමිතව ඇත.

 

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:01