2024 ජුලි 27 වන සෙනසුරාදා

පොලිස්පතිවරයකු පත් නොකෙරේ

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 36

මැතිවරණ කාලසීමාව තුළ නව පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු පත් නොකිරීමට රජය තීන්දු කර ඇතැයි දේශයට වාර්තා වේ.  

මේ පිළිබඳව මැතිසබයට කරුණු වාර්තා කළ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් අධිකරණය ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බවය. ඒ අනුව පොලිස්පති තනතුරේ පුරප්පාඩුවක් ඇති වී නොමැති බව රජයේ ස්ථාවරය යැයි ඔහු සඳහන් කළේය.

ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබුණේ තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු වන නිසා ඡන්ද අපේක්ෂකයකු ලෙස රජයේ තනතුරුවලට පුද්ගලයන් පත් කිරීම ඡන්ද පෙත්සම්වලට හේතුවනු ඇති බවයි. ආණ්ඩුවේ මෙම තීරණ අනුව මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ පොලීසියට අණ දෙන්නේ කවුරුන්ද යන්න අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:01