ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිවලට නොවැටෙන දිවයින පුරා ඇති කිලෝමීටර 1000ක පමණ නව මාර්ග සංවර්ධනය කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින්නේ යැයි මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමයේ උප සභාපති ඉංජිනේරු නිලන්ත විජේසේන මහතා ප්‍රකාශ කරයි.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් මාර්ග 300කට අධික ප්‍රමාණයක වැඩ ආරම්භ කර ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිවලට අයත් නොවන තවත් නව මාර්ග 100ක පමණ ප්‍රමාණයක් සඳහා මේ වන විට තක්සේරු කිරීම් සිදු කර තිබේ. එම කාර්යයන් ඉටු කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් හට විවිධ බලපෑම් සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
මින් දෙවසරකට පමණ ඉහත කිලෝමීටර ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බවද, එලෙස අනුමැතිය හිමි වූ මාර්ග අතුරින් මෙතෙක් වැඩ අවසන් නොවූ ජනතාවට අත්‍යවශ්‍ය මාර්ග ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 20ක් වෙන්වූ අතර බලධාරින් එම අතවශ්‍ය කටයුතු මගහරිමින් දේශපාලන අරමුණු සඳහා නව මාර්ග ඉදිකිරීමට එම මුදල් යොදාගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.