මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 39 දෙනාගෙන් 14 දෙනකුම විවිධ පක්ෂවලට සම්බන්ධ හිටපු මන්ත්‍රීන් වීම විශේෂයකි. සෙසු ප්‍රධාන අපේක්ෂකයන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පොහොට්ටුවේ අපේක්ෂක නාමල් රාජපක්ෂ, මාලිමාව නියෝජනය කරන අනුර කුමාර දිසානායක ද වෙති. හිටපු අමාත්‍යවරුන් වන සරත් ෆොන්සේකා, රොෂාන් රණසිංහ හා විජයදාස රාජපක්ෂ ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දැනට මැතිසබය සහ ආණ්ඩුව නියෝජනය කරන අපේක්ෂකයන්ය. එම අපේක්ෂකයන් සංඛ්‍යාව 7 දෙනෙකි.
ඉතිහාසයේ වැඩිම ජනාධිපති අපේක්ෂකයන් ගණන මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිති. මෙයින් ඇතැම් අපේක්ෂකයන් ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ගේ සහයට ඉදිරිපත්ව සිටින්නන් බවටද ආරංචි පැතිර යමින් තිබේ.
හිටපු මන්ත්‍රීන් 15 දෙනා සහ වර්තමානයේ තනතුරු දරන පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් 7 දෙනා ඉවත් කළ විට විවිධ පක්ෂ සහ ජන කණ්ඩායම් නියෝජනය කරන වෙනත් අපේක්ෂකයන් 18 දෙනෙක් ද ජනපති තරගයට ඉදිරිපත්ව සිටිති.