2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

පුංචි ඡන්දෙට වෙට්ටු දාන නිලධාරීන්ට නඩු

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:01 129

දේශපාලන වාර්තාකරු

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ඉදිරියේ දී පැවැත්වීමට යෝජිත පළාත් පාලන ඡන්දය කැඳවීමෙන් පසු ඊට සහාය නොදක්වන යම් රාජ්‍ය නිලධාරියකුට හෝ රාජ්‍ය සංස්ථා බලධරයකුට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වැනි වගන්තිය ප්‍රකාරව නීත්‍යානුකූලව නඩු පවරන බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශය ඒ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 

මෙයට පෙර පළාත් පාලන ආයතන ඡන්දය විමසීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයෙන් මුදල් ඉල්ලූ පසු එම ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීමෙන් මැතිවරණය අත්හිටුවීමට සිදුවිය. එය අත්තනෝමතික ක්‍රියාවක් බවත් ඒ නිසා පළාත් පාලන මැතිවරණය නිසි ලෙස පැවැත්වීමට නොහැකි වූ බවත් මැතිවරණ කොමිසම නිල නිවේදනයක් මගින් ද ප්‍රකාශයට පත් කර තිබේ. කෙසේ වෙතත් පසුගියදා මේ ගැන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව වෙනත් මැතිවරණ පැවැත්වීමේ කාර්යභාරය ද සැලකිල්ලට ගනිමින් පළාත් පාලන ඡන්දය පැවැත්වීමට දින නියම කරන බවද මැතිවරණ කොමිසමට ප්‍රකාශ කර තිබේ.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00