2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

පිල් මාරු කළ ඇමැතිගේ ඉඩම් ඉල්ලීම හබක්

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:01 2079

දේශපාලන වාර්තාකරු I

පසුගියදා පිල් මාරු කළ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු නැගෙනහිර පළාතෙන් රජයෙන් ඉඩම් අක්කර 700 ක් සෝලා ව්‍යාපෘතියක් සඳහා ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරයා ඉඩම් අමාත්‍යංශයට ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කර ඇතත් මෙම මැතිවරණ පසුබිමේ එම ඉල්ලීම ඉඩම් අමාත්‍යංශ බලධරයන් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඒ බව අදාළ අමාත්‍යවරයා ආණ්ඩුවේ ඉහළම ප්‍රධානීන්ට පැමිණිලි කර ඇති බවද දැනගන්නට ඇත. කෙසේ වෙතත් අදාළ අමාත්‍යවරයාගේ ඉඩම් ඉල්ලීම මේ මොහොතේ ඉටු නොකරන බව ඉඩම් අමාත්‍යංශය ඔහුට දෙවැනි වරටත් දැනුම් දී තිබේ.