2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

ඉදිරි මහ ඡන්දයට අලුත් සන්ධානයක්

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 210

දේශපාලන වාර්තාකරු I

ඉදිරි මහ මැතිවරණයක දී තරග කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරන කණ්ඩායම් දෙකක් එක් වී නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමට අදාළව මූලික සාකච්ඡාවක් පසුගියදා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී පවත්වා ඇත. ඒ අනුව අනුර යාපා මහතාගේ නායකත්වයෙන් යුත් පුටුව ලකුණින් තරග කරන කණ්ඩායම සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් කුසලානය ලකුණින් තරග කරන කණ්ඩායම පොදු සන්ධානයක් ලෙස ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව දේශයට වාර්තා වෙයි.