2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ප්‍රභූ ආරක්ෂාවේ තටු කපයි! ආරක්ෂකයන් දෙදහසක් ඉවතට!

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:01 1061

ගයාන් ගාල්ලගේ I

දැනට සේවයේ යෙදී සිටින දෙදහසකට ආසන්න ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සාමාන්‍ය පොලිස් සේවයට යෙදවීමට නව රජය තීන්දුවකට එළඹ තිබේ. ඇතැම් හිටපු මැති ඇමැතිවරුන්ට ලබාදුන් ආරක්ෂාවත්, වසර ගණනාවකට පෙර පාර්ලිමේන්තුවේ සිට පසුව පාර්ලිමේන්තුව නියෝජනය නොකළ මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සඳහා ලබාදුන් ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමටත් මෙහිදී යෝජනා වී තිබේ. විශේෂයෙන් ඉදිරියේ දී මැති ඇමැතිවරුන් සඳහා අසීමිත ලෙස ප්‍රභූ ආරක්ෂාව යෙදවීම නවතා දැමීමට නව රජය තීරණය කර ඇත.

මීට අමතරව ප්‍රභූ ආරක්ෂාව ලබා දෙන ආගමික නායකයන්, අගවිනිසුරුතුමා ප්‍රමුඛ සෙසු විනිසුරුවරුන් සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, තානාපතිවරුන් සහ විදෙස් දූත පිරිස්වල ආරක්ෂාව එලෙසින් තැබීමට තීරණය වී තිබේ. කෙසේ වෙතත් යම් තර්ජනයක් ඇති ප්‍රභූ පිරිස් සම්බන්ධයෙන් ලබා දෙන ආරක්ෂාව ද එලෙසම ලබාදීමට තීරණය කර ඇත.