2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

හිටපු මැති ඇමැති 35 ක් මහ ඡන්දෙට නෑ - හිටපු ජනපතිලා තිදෙනකුත් ඒ අතර

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:01 15949

දේශපාලන වාර්තාකරු I

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ හිටපු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා හිටපු මන්ත්‍රීන් 35 කට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයට තරග නොකරනු ඇතැයි දේශයට වාර්තා වෙයි. මේ අය අතර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ද වෙති. සෙසු මැති ඇමැතිවරුන් අතර හිටපු කැබිනට් අමාත්‍යවරුන් පස්දෙනකු පමණ සිටින බව අප වෙත වාර්තා වෙයි. හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනකු පමණ ද හිටපු මන්ත්‍රීන් 25 දෙනකු පමණ ද තම හිතවතුන් කැඳවා කරන ලද සාකච්ඡාවලින් පසුව මෙම තීන්දුව ගෙන තිබෙන බව සඳහන්ය.

ඒ හැර තවත් මන්ත්‍රීන් හා හිටපු අමාත්‍යවරුන් පිරිසක් පක්ෂ මාරුවකින් පසු මැතිවරණයට තරග කරනු ඇතැයි දැනගන්නට ඇත.

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:01