යසවර්ධන රුද්‍රිගු I
ඩඩ්ලි සිරිසේන පාලන මිලට සහල් දෙනවා යැයි පවසන්නේ ජනාධිපතිවරයාට දක්වන සහයෝගයක් ලෙස බව ප්‍රචාරය කළ ද එහි යටි අරමුණ වන්නේ කුඩා සහල් මෝල් හිමියන් නැත්තටම නැතිකර සහල් අලෙවිය පිළිබඳ ඒකාධිකාරයක් ගොඩනගා ගැනීම බව මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් කියයි.
ඔහු දේශය පුවත්පතට ප්‍රකාශ කළේ ඩඩ්ලි ළඟ අඩු මිලට ලබාගත් වී තොග විශාල ප්‍රමාණයක් තිබෙන අතර, ඒවා සහල් කර පාලන මිලට විකිණීමෙන් ඔහුට පාඩුවක් නොව ලොකු ලාභයක් ලබාගත හැකිවන බවය. පාඩුවට අලෙවි කරනවා යැයි කියන්නේ අසත්‍යයකි. ලබන ජනවාරි මස 20 දින දක්වා පාලන මිලට සහල් අලෙවි කළහොත් කුඩා ව්‍යාපාර සියල්ල වැසී යන අතර ඔහු වෙළෙඳපොළේ එකම සහල් ව්‍යාපාරිකයා බවට පත්වනු ඇත.
අනෙක් අතට මෙම තීරණය ඔහු තනිවම ගත් එකක් වන අතර, නිව්රත්න සහ නිපුණ යන සහල් ව්‍යාපාරිකයන් සමඟ හෝ තමා වැනි කුඩා මෝල් හිමියන් සමඟ සාකච්ඡා නොකළ බව සභාපතිවරයා පෙන්වා දෙයි.
මේ අවස්ථාවේ රජය කළ යුතු වන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පමණක් නොව සුළු හා මධ්‍ය පරිමාණ වෙළෙඳුන්ගේද පිරිවැය සලකා බලා දෙකොටසටම සාධාරණ උපරිම මිලක් පැනවීම වන අතර, නමට පමණක් පාලන මිලක් පැනවීම විහිළුවක් බව හෙතෙම ප්‍රකාශ කළේය.