2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

මහින්ද වාසු යුග තුනක ජන මෙහෙවරට සමුදෙති!

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 222

දේශපාලන වාර්තාකරු I

මැතිසබයේ දේශපාලන යුග තුනක් එකට යා කළ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීන් දෙදෙනකු ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවී විශ්‍රාම ගැනීමට තීන්දු කර ඇත. ඒ 1970 මැයි මස පැවති මහ මැතිවරණයෙන් මුල්වරට මැතිසබයට පැමිණි හිටපු ජනාධිපතිවරයකු වන මහින්ද රාජපක්ෂ මහතා සහ වාමාංශික නායකයකු වන වාසුදේව නානායක්කාර මහතාය.

මේ අය අතරින් මහින්ද රාජපක්ෂ මහතා වසර 11 ක් ජනාධිපතිවරයා ලෙස ද රට පාලනය කළේය. 30 වසරක කුරිරු ත්‍රස්තවාදය හමාර කළ නායකයා ලෙස අදත් ඔහු ජනතා බුහුමනට පාත්‍ර වෙයි.

වාසුදේව නානායක්කාර මහතා වාමාංශික නායකයකු ලෙස සැමදා ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කරමින් දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් හඬ නැගූ නායකයකු ලෙස ජනතා ආදරය දිනාගත්තෙකි.

බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ දේශපාලනය ආරම්භ කළ මේ දෙදෙනා ජේ.ආර්. ජයවර්ධන යුගය, චන්ද්‍රිකා යුගය පසුකොට අනුර දිසානායක යුගයේදී දේශපාලනයෙන් විශ්‍රාම ලබන බව ප්‍රකාශ කර තිබේ.