2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ඡන්දෙන් පස්සේ රාජ්‍ය ආයතන විගණන පොකුරක්

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:01 509

ගයාන් ගාල්ලගේ I

මහ මැතිවරණයෙන් මාලිමා රජයක් පිහිටුවීමෙන් පසුව සියලු‍ම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විගණනයන් සිදු කිරීමට රජය තීරණය කර තිබේ. විශේෂයෙන් පසුගිය ආණ්ඩු කාල තුළදී සිදුවූ බවට සැක කෙරෙන වංචා දූෂණ සම්බන්ධයෙන් මෙහිදී පූර්ණ වශයෙන් සොයා බැලෙන බව රජයේ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. යම් රාජ්‍ය ආයතනයක දූෂණ වංචා සිදුවී ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට ද රජය තීරණය කොට තිබේ.