2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

පුංචි ඡන්ද දෙකට දින තීන්දුයි

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:01 275

ලබන වසරේ පැවැත්වීමට යෝජිත පළාත් පාලන මැතිවරණයට සහ පළාත් සභා මැතිවරණයට අදාළ කාලවකවානු ආණ්ඩුව විසින් තීරණය කරන ලද බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. ඒ අනුව කල් දමන ලද පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අහෝසි කර අලුතින් නාමයෝජනා කැඳවා ලබන අප්‍රේල් මස මුල් භාගයේ පළාත් පාලන ඡන්දය පැවැත්වීමටත් වසර 7 කට වඩා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමටත් ආණ්ඩුව සැලසුම් කර තිබේ. ඊට පෙර අදාළ නීතිමය කටයුතු කඩිනමින් සම්පූර්ණ කරගැනීමට ආණ්ඩුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද සඳහන්ය.

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00