2025 ජනවාරි 25 වන සෙනසුරාදා

මැතිසබා කමිටු වර්ජනයකට සජබ තීන්දුවක්

 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 88

දේශපාලන වාර්තාකරු I

පාර්ලිමේන්තුවේ කමිටුවලට පත්කිරීමේදී විපක්ෂයට සාධාරණ නියෝජනයක් ලබාදෙන තෙක් සියලු පාර්ලිමේන්තු කමිටු වර්ජනය කරන බව සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

මේ සම්බන්ධව විපක්ෂයේ සෙසු පක්ෂ සමඟ ද අද හෙටම සාකච්ඡා කරන වග ද හෙතෙම සඳහන් කළේය. එහෙත් ආචාර්ය හර්ෂ ද සිල්වා සභාපතිත්වය දරන රාජ්‍ය මුදල් කාරක සභාවට පමණක් විපක්ෂය සහභාගි වීමට තීන්දු කර තිබේ.

මෙලෙස පාර්ලිමේන්තු කමිටුවලදී සාධාරණ නියෝජනයක් ලබා නොදීම ගැන කතානායකවරයාට නැවතත් පැමිණිලි කරන වග ද මහලේකම්වරයා කීය.