රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු I
ඉන්දියාවේ අදානි එනර්ජි ග්‍රීන් සමාගම මන්නාරම සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. අදානි සමාගම මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වන්නේද යන්න පසුගිය බ්‍රහස්පතින්දාට පෙර (මාර්තු 06 දාට පෙර) දැනුම් දෙන ලෙස මෙරට බලධරයන් එම සමාගමට දැනුම් දුන්නේය. එහෙත් එම සමාගම ඊට ප්‍රතිචාර දක්වා නැත.
ඒ අනුව එම සමාගම මන්නාරම සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත් වූ බව තහවුරු කර තිබේ.
ඒ අතර අදානි සමාගම ඉන්දියාවේ කාන්පූර්හි ජාත්‍යන්තර මට්ටමේ මැෂින් තුවක්කු නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කළේය. එය ගෞතම් අදානි විසින් විවෘත කළ අවස්ථාවට අදාළ ඡායාරූප දැන් අදානිගේ X ගිණුමේ සඳහන්ය.