2025 මාර්තු 15 වන සෙනසුරාදා

ඒක විහිළුවක් - සාගර කාරියවසම්

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 148

දේශපාලන වාර්තාකරු I

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරය විහිළුවක් දුරදිග යාමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා දේශයට පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයන් සම්බන්ධයෙන් පැවති හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් එතැනට පැමිණ සිටි හිටපු කතානායකවරයාගෙන් ඔබත් මේ තරගයට ඉදිරිපත් වන්නේ දැයි ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ ඉහළ පහළ යන දේශපාලනයේ තමන්ටද ප්‍රාදේශීය සභා ඡන්දයට ඉදිරිපත් විය හැකි බවය. එහෙත් එය විහිළුවක් ලෙස කියූ කතාවක් විනා සැබෑවක් නොවේ යැයි ද මහලේකම්වරයා කීය.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01