2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා

විදුලි සභාපතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 92

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරමින් නීති විරෝධී ලෙස වෙනම ආයතනයක් පවත්වාගෙන යමින් විදුලිබල මණ්ඩලයට සේවා සපයන බවට චෝදනා කරමින් විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාට එරෙහිව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. 

එහි සභාපති එම්.ඩී.ආර්. අතුල මහතා ප්‍රකාශ කළේ මෙලෙස ආයතනයක සභාපති ධුරය දරමින් ඔහුගේ නමින් වෙනම සමාගමක් පවත්වාගෙන යෑම නීති විරෝධී සහ ආයතන විරෝධී ක්‍රියාවක් බවයි. ආණ්ඩුවට තමන් පත් කළ පුද්ගලයන්ගේ වංචා, දූෂණ නොපෙනෙන බවත් එහෙයින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසට අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කළ බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙම සභාපතිවරයා පුනර්ජනනීය විදුලිය විනාශ කරමින් පොසිල ඉන්ධන ව්‍යාපෘති ප්‍රවර්ධනය කරන බවටද එම සංගමය චෝදනා කරයි.