දේශපාලන වාර්තාකරු I
ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ඉල්ලීම් නොතකා කටයුතු කිරීම නතර කිරීමට පියවර ගන්නැයි විපක්ෂයේ මන්ත්‍රීන් ගණනාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැමිණිලි කළහ.
මෙම අමාත්‍යවරයා විපක්ෂය සම්බන්ධයෙන් අයුක්තිසහගත ලෙස ක්‍රියා කරන්නේ පන්තියේ “මොනිටර්”වරයා තමන් බව සිතාගෙන යැයි ද මෙම පැමිණිල්ල සිදුකළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට දැන්වූහ.
විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් වන දයාසිරි ජයසේකර, ආචාර්ය හර්ෂ ද සිල්වා, ශානක්‍යන් රාසමාණික්කම් ඇතුළු පිරිසක් පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික හමුව අවසානයේ මෙම පැමිණිල්ල සිදුකළ බව මේ සම්බන්ධයෙන් දේශයට කරුණු දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.