I ව්‍යාපාරික වාර්තාකරු
රජය අන්තර්ජාතික වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට නියමිත සහල් තොග මිල තීන්දු කිරීමට විශේෂ ටෙන්ඩර් කමිටුවක් පත් කෙරේ.
එම ටෙන්ඩර් කමිටුවට ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ ලේකම්වරුන් පස්දෙනෙක් ඇතුළත් වෙති.
මුදල් අමාත්‍යාංශ ලේකම්, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්, වරාය අමාත්‍යාංශ ලේකම්, තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම හදිසි සහල් මිලදී ගැනීමේ ටෙන්ඩර් කමිටුවට ඇතුළත් වන බව අමාත්‍ය මණ්ඩල ආරංචිමාර්ග කියයි.
අන්තර්ජාතික වෙළෙඳපොළෙන් තරගකාරී මිල ගණන් යටතේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිලදී ගැනීම රජයේ අරමුණයි. ඒ සඳහා වන ටෙන්ඩරය අන්තර්ජාලයේ දැන්වීම් පළකර ඇත. දින 10 ක් තුළ මිල ගණන් ඉදිරිපත් කළ යුතු යැයි එහි කොන්දේසියක් පනවා තිබේ.
මෙම සහල් තොගය වරකට මෙට්‍රික් ටොන් 5,000 බැගින් වාර 20කින් මෙරටට ආනයනය කෙරේ. ඒ අතර රාජ්‍ය සාර්ක් සංවිධානයේ ආරක්ෂිත සහල් තොගය ලෙස සහල් මෙට්‍රික් ටොන් 8,000ක තොගයක් දැනටමත් පවත්වාගෙන යමින් සිටී.
හිතුවක්කාර ලෙස පෞද්ගලික අංශය සහල් මිල ඉහළ නැංවීමට ප්‍රතිචාර ලෙස රජය සහල් ආනයනයට තීන්දු කළේය.