2021 ජුලි 03 වන සෙනසුරාදා

දැවැන්ත සන්ධානයකට වෙල්ගම සූදානම්

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 23

I ගයාන් ගාල්ලගේ

තමන් ඉදිරියේදී දැවැන්ත සන්ධානයක් ගොඩනගා එයට නායකත්වය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

බණ්ඩාරනායක ප්‍රතිපත්ති මත පිහිටුවන මෙම සන්ධානය සඳහා එකතුවන්නැයි ශ්‍රීලනිප පාක්ෂිකයන්ට සේම රටේ සියලුම පක්ෂ නියෝජනය කරන පාක්ෂිකයන්ට තමා ආරාධනා කරන බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රීලනිපය මේ සඳහා එක්වනවා නම් ඉතා ඉක්මනින් ආණ්ඩුවෙන් ඉවත් වියයුතු බවද ඒ මහතා කීය.