I දේශපාලන වාර්තාකරු
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරි සතියේ විවාදයට ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටීමට තීන්දු කළ බව සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.
මෙම විශ්වාසභංගයේදී රජයට විරෝධය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමඟ සන්ධානගතව සිටින සියලු පක්ෂ ඒකමතික තීන්දුවකට එළඹ තිබේ. මෙම විශ්වාසභංගයෙන් පසුව පාර්ලිමේන්තුවෙන් පිටතදී රට පුරා ගොවි ජනතාව පීඩාවට පත්කළ පොහොර හිඟයට එරෙහිව දීපව්‍යාප්ත විරෝධතාවක් දියත් කරන බවද මහලේකම්වරයා වැඩිදුරටත් කීය.