2021 ජුලි 03 වන සෙනසුරාදා

පීල්ල පැන්නොත් වැඩ වරදී - විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 57

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

දැනට හඳුනාගෙන ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පාලනය කළ නොහැකි වුවහොත් සති 10කින් ඉතා දරුණු තත්ත්වයක් ඇති විය හැකි බවත්. මෙයට ඇති එකම විසඳුම එන්නත් කරණය බවත් එතෙක් ජනතාව හැකි තාක් දුරට නිවෙස්වලටම වී සිටීමත්, හැකි තරම් සෙනඟ ගැවසෙන ස්ථාන මඟහැර සිටීමත් ඉතා වැදගත් බවත් රාගම ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා පවසයි.

මෙම රෝගය මුලින්ම ඇති වූ අවස්ථාවේ ජනතාව බොහෝ බියට පත් වූ නමුත්. දැන් ඒ බිය ඔවුන්ට නොමැත. ඇතැම්හු මෙය සාමාන්‍ය රෝගයක් යැයි සිතති.. වෛද්‍යවරුන් ලෙස මෙම රෝගයේ භයානක තත්ත්වය තමන් අත්දකින අතර. සෞඛ්‍ය සේවයේ සියලු දෙනා මෙම රෝගයට බියක් දක්වති.. සාමාන්‍ය ජනතාව සැහැල්ලු ලෙස හැසිරෙන්නේ ඔවුන්ට රෝගයේ භයානක තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොමැති නිසා යැයිද හෙතෙම සඳහන් කළේය.

පසුගිය සිංහල අවුරුදු සමයේ ලොක් ඩවුන් එකකට ගියා නම් අද පවතින තත්වයට මුහුණ පෑමට සිදු නොවන බවත් ජනතාව නිසි මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේනම්, හා තමන්ගේ ආරක්ෂාව ගැන නොසිතන්නේ  නම්  රජය කොතරම් රට වසා දැම්මත් වැඩක් නොවන බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.