2021 ජුලි 03 වන සෙනසුරාදා

කැබිනට් ඇමැති පදවි 3ක් හිස්

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 50

I දේශපාලන වාර්තාකරු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් අමාත්‍ය තනතුරු 30ක් සඳහා පත්වීම් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇතත් මේ දක්වා පත්කර ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන් 27 දෙනෙකි.

ඒ 27 දෙනාට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාද ඇතුළත් වන බව රජයේ ආරංචිමාර්ග කියයි.

මෙම අමාත්‍යවරුන් 27 දෙනා අතර කැබිනට් අමාත්‍යාංශ 30ක විෂය කාර්යයන් බෙදී ගොස් ඇත. ඒ ඇතැම් අමාත්‍යවරුන්ට විෂය කාර්යය දෙක බැගින් පවරා ඇති නිසාය.

ව්‍යවස්ථාව අනුව පත්කළ හැකි අමාත්‍ය තනතුරු 3ක් දැනට පුරප්පාඩුව පවතී. ඉදිරියේදී බැසිල් රාජපක්ෂ මහතා කැබිනට්ටුව පත්වූ පසුවද තවත් කැබිනට් අමාත්‍ය තනතුරු දෙකක් පුරප්පාඩුය. ව්‍යවස්ථානුකූලව පත්කළ හැකි රාජ්‍ය අමාත්‍යවරැන් සංඛ්‍යාව 40 දෙනෙකි. එයින් 39 දෙනකු දැනට පත්කර තිබේ. පුරප්පාඩුව ඇත්තේ එක් රාජ්‍ය අමාත්‍ය ධුරයකි. පත්කර තිබෙන රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනා අතර රාජ්‍ය අමාත්‍යාංශ 43ක විෂය කාර්යයන් බෙදී ගොස් තිබේ.