I ගයාන් ගාල්ලගේ
බාර් සහ ස්පා වැනි ජනතාව රැස්වන ස්ථාන විවෘත කර ජනතා උද්ඝෝෂණ වළක්වාලමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයට විරැද්ධව සමගි ජනබලවේගය මගින් උද්ඝෝෂණ මාලාවක් සිදුකිරීමට තීරණය කර තිබේ.
එසේම එම චක්‍රලේඛයට විරුද්ධව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන 45ක්ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙය ආණ්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළක් ලෙසටය.
සමගි ජනබලවේගය මගින් මෙම උද්ඝෝෂණ මාලාව පසුගිය සිකුරාදා නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ කිරීමට නියමිත වූ අතර ඒ සඳහා වෘත්තීය සමිති සහ සංවිධාන රැසක් සහාය ලබාදීමට තීන්දු කර ඇත.