I දේශපාලන වාර්තාකරු
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ විසින් සංශෝධනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග කියයි.
දැනට ඉදිරිපත් කොට තිබෙන යෝජනාවෙහි සඳහන් වන්නේ අමාත්‍ය උදය ගම්මන්පිල කෙරේ විශ්වාසය කඩ වී ඇති බැවින් ඔහු තවදුරටත් අදාළ අමාත්‍ය පදවියට නුසුදුස්සෙක් බවය.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන්නට යන සංශෝධනයෙහි සඳහන් වන්නේ අමාත්‍ය උදය ගම්මන්පිල කෙරේ පමණක් නොව මේ රජය කෙරෙහිම විශ්වාසය භංග වී ඇති බවය. එම සංශෝධනය ලබන 20 දින විශ්වාසභංගය විවාදයට ගන්නා අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජනා කරනු ඇති බව දැනගන්නට ඇත.
අමාත්‍ය ගම්මන්පිලට එරෙහිව මෙම විශ්වාසභංගය ඉදිරිපත් කළේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසක් විසිනි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීන් රුසක්ම ඊට අත්සන් තබා තිබිණි. එහෙත් ජ.වි.පෙ. එයට අත්සන් කර තිබුණේ නැත.
ඒ අතර රජයේ මැති ඇමැතිවරැන් සමග මේ ගැන සාකච්ඡා කිරීමට අද (18 ඉරිදා) ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා සහ රජයේ මැති ඇමැති කණ්ඩායම හමුවීමට නියමිත බවද වාර්තා වෙයි.