චමිඳු නිසල් ද සිල්වා |
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට සමගි ජනබලවේගය විරුද්ධයි. ඊට හේතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ පාලනයෙන් සහ නියාමනයන් තොර විශ්ව විද්‍යාලයක් බිහිවීම හේතුකොටගෙන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා දේශයට පැවසීය.
සිසුන් බඳවා ගැනීම, මහාචාර්යවරුන් පත්කිරීම, උපාධි ප්‍රදානය ආදී කටයුතුවලදී මෙම පනත නිසාවෙන් ගැටලු රැසක් මතුවන බව අද අත්තනායක මහතා කීය. විශේෂයෙන්ම සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදය ගැටලු සහගත බව ඒ මහතා සඳහන් කළේය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිටත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමඟ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ මෙම පනත පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇතැයිද අත්තනායක මහතා පැවසීය.
මෙහි පාලක මණ්ඩලය පත් කිරීමේදී සංයුතිය සම්බන්ධව ගැටලු රැසක් පවතින බව ඔහු ප්‍රකාශ කළේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ එක් නියෝජිතයෙක් පමණක් අදාළ පාලක මණ්ඩලයට පත් කිරීම හරහා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන රාමුව බිඳීයයි. එමනිසාම මෙහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අනුකූලව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කටයුතු සිදුවීමේ අවශ්‍යතාවය සමගි ජනබලවේගය අවධාරණය කරන බවද තිස්ස අත්තනායක මහතා පැවසීය. මේ මොහොතේ මෙම පනත විවාදයට ගැනීම කල් දමා ඇතත් ඉදිරියේදී එය සාකච්ඡාවට බඳුන් වනවිට තම යෝජනා ඉදිරිපත් කිරීමට සහ විරෝධතා ගොනු කිරීමට සූදානම්ව සිටින්නේ යැයිද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කීය.