ගයාන් ගාල්ලගේ |
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී ඇති ඇතැම් දේශපාලනඥයන්ට හා රේගුවේ වංචා දූෂණවලට අදාළ ලිපිගොනු ගණනාවක් හදිසියේම අතුරුදන් වී ඇතැයි එහි විමර්ශන හා නීති අංශවල නම් සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් දේශයට කීහ.
මෙයින් සමහරක් එම ආයතනයේ ප්‍රධානියෙක් විසින් ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ නම් සඳහන් කරමින් තම අංශවලින් වරින්වර ලබාගත් බවද එම නිලධාරීහු පැවසූහ. මේ නිසා කොමිසමේ විමර්ශන හා නීති අංශයන්හි ඇතැම් නිලධාරීන් බරපතළම රාජකාරිමය සහ නීතිමය ප්‍රශ්නවලට මුහුණ දී ඇති බව සඳහන්ය.
එමනිසා එසේ අපහසුතාවට ලක්වූ නිලධාරීන් හැකි ඉක්මනින් ස්ථාන මාරු ලබාගෙන අල්ලස් දූෂණ කොමිෂන් සභාවෙන් ඉවත්ව යාමට උත්සාහ කරමින් සිටින බවද ඔවුහු සඳහන් කළෝය.
ඉදිරියේදී රහසිගතව මේ ගැන අල්ලස් හා දූෂණ කොමිසමේ සභාපතිනිය ප්‍රමුඛ ඉහළ බලධරයන්ට පැමිණිලි කිරීමට අපේක්ෂා කරන වග අප වෙත මේ ගැන තොරතුරු සැපයූ අය සඳහන් කළහ.