2021 ජුලි 24 වන සෙනසුරාදා

ලෝකයේ සියයට 90ක්ම ඩෙල්ටා

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 79

| සුගත් පී. කුලතුංගආරච්චි

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයෙන් ඇරුඹුණ කොවිඩ් ඩෙල්ටා මාදිලිය දැන් රටවල් 125කට ආසන්න ප්‍රමාණයකට පැතිර හමාර බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. ජූලි දෙවැනි සතියේදී පමණක් එය අලුතෙන්ම රටවල් 15කදී හඳුනාගෙන ඇත.
ඉන්දුනීසියාවේ දැන් පවතින දරුණු වසංගත තත්ත්වයට හේතුවද ඩෙල්ටා බව ඔවුන් කියයි. අප්‍රෙල් මාසය වනවිට ලෝකය පුරාම සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ  වාර්තාවලදී ඩෙල්ටා වාර්තා වූයේ සියයට 9ක් පමණක් වුවද ජූලි මසදී සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණවලින් සියයට 90ක්ම වාර්තා වනුයේ ඩෙල්ටා බව එම සංවිධානය පෙන්වා දෙයි. ඉන්දියාවේදී එය මුලින් සියයට 45ක්ව තිබී දැන් එය සියයට 95 දක්වා ඉහළ ගොසිනි.

අද වනවිට ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය, බංග්ලාදේශය, චීනය, ඩෙන්මාර්කය, ඉන්දුනීසියාව, රුසියාව, ඊශ්‍රායලය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක හඳුනාගන්නා ආසාදිතයින්ගෙන් සියයට 75ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් බව වාර්තා වේ.

මේ හැර ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා අනුව ඇල්ෆා මාදිලිය රටවල් 178කට වැඩි ගණනකද, බීටා මාදිලිය රටවල් 123කද, ගැමා මාදිලිය අඩුතරමේ රටවල් 75ක් තුළද මේ වනවිට වාර්තා වෙයි.