I දේශපාලන වාර්තාකරු
මිල පාලනයට යටත් සහල් සඳහා නව ස්ථාවර මිලක් නියම කිරීම හෙට (සඳුදා) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිදු කිරීමට නියමිතය.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා මෙරට ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයන් සමඟ සාකච්ඡා කොට සහල් මිල ගැන රජයේ ස්ථාවරය ඔවුනට දැන්වීය. නව පාලන මිල නියම කළ පසු රජයේ පාලන මිලටම සහල් අලෙවි කළ යුතු බව සහල් නිෂ්පාදකයන්ට දන්වා ඇති අමාත්‍යවරුන් එසේ නොකළොත් රජය විසින් පවත්වාගෙන යන ආරක්ෂක සහල් තොගය වෙළෙඳපොළට මුදාහැර මිල පාලනය කරන බව අවධාරණය කර තිබේ.