ඩොලරයට 7%ක පොලියක්!
I දේශපාලන වාර්තාකරු
ඇතැම් වාණිජ බැංකු ඩොලර් තැන්පතු සඳහා 7%ක පමණ ඉහළ පොලියක් නියමකර තිබේ. පවත්නා උග්‍ර ඩොලර් හිඟය නිසා මෙතරම් ඉහළ පොලියකට ඩොලර් ලබාගැනීම සඳහා එකී බැංකු මෙම තීරණය ගෙන ඇත. මෙයට පෙර ඒ ඩොලර් තැන්පතු සඳහා ගෙව්වේ 2%ක පමණ පොලියකි.
සීනි සඳහා පාලන මිලක්!
I ව්‍යාපාරික වාර්තාකරු
සුදු සීනි සඳහා පාලන මිලක් නියම කිරීමට රජය අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටී. වෙළෙඳපොළේ පවත්නා අධික සීනි මිල නිසා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙම තීන්දුව ගෙන ඇත. මේ වනවිට රටේ මාස 2කට ප්‍රමාණවත් සීනි තොග පවතී.
බැසිල් අයවැයට සැරසෙයි
I දේශපාලන වාර්තාකරු
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසර සඳහා අයවැය සැකසීම පිණිස අවශ්‍ය තොරතුරු ලබාගැනීමට සියලු කැබිනට් අමාත්‍යංශ වෙත යෑමට තීන්දු කර ඇත. ඒ ඒ අමාත්‍යංශවල සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සම්බන්ධ විමර්ශනය මෙම ගමනේ අරමුණය. මෙහිදී මුදල් ලේකම් එස්.ආර්. ආටිගල මහතාද මුදල් අමාත්‍යවරයා සමඟ එක්වනු ඇත.
ඩොලර් කෝටි 100ක ණයක් සංචිතයෙන් ගෙවයි
I දේශපාලන වාර්තාකරු
කල්පිරුණු බැඳුම්කර සඳහා ලබන සතියේදී ඩොලර් කෝටි 100ක මුදලක් ගෙවීමට රජයට සිදුව තිබේ. මහ බැංකු මුදල් සංචිතයෙන් මෙම මුදල ගෙවීමට නියමිතය. ණය පියවූ පසු මහ බැංකු මුදල් සංචිතය ඩොලර් බිලියන 3ට පහත වැටෙනු ඇතැයි පැවසේ.
වී මිලට ගන්නා අතරමැදියන් හබක්!
I ව්‍යාපාරික වාර්තාකරු
අතරමැදි වෙළෙඳුන් වී මිලදීගෙන කෘත්‍රිම ලෙස සහල් මිල ගණන් ඉහළ නැංවීම පාලනයට අතරමැදි වෙළෙඳුන්ට ණය සැපයීම අත්හිටුවීමට රාජ්‍ය බැංකුවලට රජය උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි. ඔවුන්ගේ ගබඩා රජය විසින් ලියාපදිංචි කිරීමටද තීන්දුවක් ගෙන තිබේ.
ස.ජ.බ. සන්ධාන වැඩ අරඹයි
I ගයාන් ගාල්ලගේ
ඉදිරි මැතිවරණ සඳහා ශක්තිමත් පක්ෂයක් ගොඩනැගීම වෙනුවෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීමට සමගි ජනබලවේගය මේ වනවිට කටයුතු ආරම්භ කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා දේශයට පැවසීය. මේ වනවිට තම සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඊට එම පක්ෂ එකඟතාවය පළකර ඇති බවත් ඒ මහතා කීය.