2021 ජුලි 24 වන සෙනසුරාදා

ෆයිල් උස්සපු කට්ටියම වැරදි සොයති

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 23

I ගයාන් ගාල්ලගේ

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ ලිපිගොනු ගණනාවක් අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් කිරීමට සූදානම් වන බව එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

එහෙත් එහි නීති සහ විමර්ශන අංශවල සේවකයන් සඳහන් කරන්නේ මෙම ලිපිගොනු රජයේ ඉහළම ප්‍රභූන්ගේ නම් සඳහන් කරමින් ලබාගත් අයම එම පරීක්ෂණවලට මැදිහත් වීම ගැන තමන් විමතියට පවත්වන බවය.

මෙම සිදුවීම අනාවරණය වීමෙන් පසු කොමිසම මෙතෙක් රැස්වී නැත. ඉදිරි සතියේදී එය රැස්වීමට නියමිත බව පැවසේ. එහිදී එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් තීන්දුවක් ගනු ඇතැයි අදාළ නිලධාරීහු අපේක්ෂා කරති.

කෙසේ වෙතත් මින් ඉදිරියට නීති සහ විමර්ශන අංශවලින් ලිපිගොනු නිකුත් කරනවිට තමන්ගේ ආරක්ෂාව සඳහා ලිඛිත සටහන් දෙකක් තබා ගැනීමට එම අංශවල සේවකයන් එකඟතාවයක් ඇතිකරගෙන ඇති බව නම් සඳහන් කිරීමට අකමැති සේවකයන් පිරිසක් සඳහන් කළහ.