I අධිකරණ වාර්තාකරු
වසර මැද යෙදෙන අධිකරණ නිවාඩු සමය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට නිවාඩු ලබා නොදී උසාවි පවත්වාගෙන යාමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිසම තීන්දු කර තිබේ.
කොවිඩ් වසංගතය නිසා පසුගිය කාලයේ අධිකරණ නඩු විභාග පැවැත්වීමට නොහැකි විය. සෑහෙන කාලයක් උසාවි වසා දමා තිබිණි. එබැවින් අගෝස්තු මස 6 දින සිට 20 දින දක්වා ක්‍රියාත්මක වීමට තිබූ ශ්‍රේෂ්ඨාධිකරණයේ වසර මැද නිවාඩුව අවලංගු කර දැමීමට අග විනිසුරුවරයා තීන්දු කළේය.
ඒ අනුව එම දිනවල පෙර විභාගයට සූදානම් කර තිබූ නඩු විභාගයට ගැනීමට නියමිතය. ඒ ගැන අදාළ පාර්ශ්වවලට පූර්ව දැනුම්දීම් සිදුකෙරෙනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ නිවාඩු සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ගෙන ඇති තීරණයට සාපේක්ෂව සෙසු අධිකරණද ක්‍රියාකරනු ඇතැයි අධිකරණ ආරංචි මාර්ග කියයි.