ගයාන් ගාල්ලගේ |
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී අපයෝජනයට ලක්ව අභිරහස් ලෙස මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව එම නිවසේ සේවය කළ තවත් තරුණියන් 11 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරැ සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඉන් තරුණියන් දෙදෙනකුට රිෂාඩ් බදුයුදීන්ගේ මස්සිනා විසින් කිහිප වතාවක් අතවර කිරීම සඳහා උත්සාහ කළ බවත් එහෙත් ඔවුන් ඉන් ගැලවුණු බවත් එම තරුණියන් පැවසූ බව මෙම පරීක්ෂණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.
කෙසේ වෙතත් හඳුනාගත් තවත් තරුණියන් 09 දෙනකු සොයා මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවත් එම නිලධාරියා කීය.
මෙම තරැණියන් බහුතරයක් දෙනා රැකියා කරන සමයේ බාලවයස්කාරියන් වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.