සංජීවිකා සමරතුංග |
මාස කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වූ පළාත් අතර සංචරණ සීමා අද (01 ඉරිදා) සිට ඉවත් කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මාස කිහිපයක් තිස්සේ පළාත් අතර ගමනාගමනයට තිබූ බාධා ඉවත් වනු ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
පළාත් සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟම දැනට නිවෙස්වල සිට රාජකාරි කරන සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට රජය අපේක්ෂා කරන බවද වාර්තා වෙයි.
තව දින 60ක් ඇතුළත එනම් සැප්තැම්බර් 30 වැනිදාට පෙර මෙරට සිටින වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත් ලබාදීම අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යවරියට උපදෙස් දී තිබේ.