2021 ජුලි 31 වන සෙනසුරාදා

රට බේරාගන්න අලුත් පෙරමුණක් - පෙරටුගාමීන්ගේ වැඩක්

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 23

| ගයාන් ගාල්ලගේ

ආණ්ඩුවේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති හමුවේ රට වැටෙමින් පවතින ආර්ථික අගාධය ඇතුළු ජනතාවට විරෝධී ප්‍රතිපත්තිවලට එරෙහිව මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වමේ පක්ෂ අතර එකඟතාවයක් ගොඩනගා ගැනීමට කටයුතු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව දේශයට පැවසීය.

කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සමඟ මෙම සාකච්ඡා තම පක්ෂය විසින් සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

රටේ අර්බුදකාරී ගැටලු සඳහා එක්ව මුහුණදීමත් ඇතැම් ප්‍රශ්න සඳහා පක්ෂ ප්‍රතිපත්ති මත කටයුතු කිරීමටත් මෙහිදී සාකච්ඡා කරන බව ඔහු කීය. කෙසේ වෙතත් මූලික අරමුණ ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම බව ඔහු වැඩිදුරටත් පැවසීය.