දැනට රට තුළ ක්‍රියාත්මක කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 30ට වැඩි මෙරට පුද්ගලයන්ගෙන් සියයට 68.4කට කොවිඩ් මර්දන පළමු එන්නත ලබා දී හමාර බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ කියයි. එමෙන්ම එන්නත් මාත්‍රා දෙකම සියයට 16.3කට ලබා දී හමාර බව ඔහු පෙන්වා දෙයි.
වසංගත රෝග විද්‍යා අංශයට අනුව මෙම මස 27 වැනිදා වන විට සයිනොෆාර්ම් එන්නත පළමු මාත්‍රාව ලබාදුන් පිරිස 6,324,298කි. මාත්‍රා දෙකම ලබාදුන් පිරිස 1,486,542කි.
කොවිෂීල්ඩ් මුල් මාත්‍රාව මේ වන විට 925,242කට ලබා දී හමාරය. එහි මාත්‍රා දෙකම 385,885කට ලැබී තිබේ. ස්පුට්නික් මුල් මාත්‍රාව පමණක් ගත් පිරිස 159081කි. මාත්‍රා දෙකම ලත් අය 14,503කි. ෆයිසර් මුල් මාත්‍රාව 114105කටත් මොඩෙර්නා මුල් මාත්‍රාව පමණක් 709468කටත් ලබා දී හමාරය.
නමුත් මේ වන විට කොළඹ, ගම්පහ සහ කළුතර ප්‍රදේශවලද කොවිඩ් එන්නත් ලබානොගත් වැඩි පිරිසක් දක්නට ලැබෙන බවද ඔවුන් අතර වයස්ගත පිරිස වැඩි බවද මෙතෙක් එන්නත් ලබා නොගත් පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩි සැලකිල්ලක් යොමු කිරීමට සිදුවන බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.