2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

ආසාදිතයන්ගෙන් හතරෙන් තුනකට ඩෙල්ටා

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 81

I ගයාන් ගාල්ලගේ
I සුගත් පී. කුලතුංගආරච්චි

දෛනිකව සිදු කරන ප්‍රභේද පරීක්ෂණ (පී.සී.ආර්.) තුළින් 75%ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ජ’පුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා සහ අනුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දේශයට පැවසීය.

ඒ නිසා දැනට කොවිඩ් රෝගීන් සීඝ්‍ර ලෙස වර්ධනයක් දකින්නට හැකි බවත් එයට හේතුව මේ වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය බවත් ඒ මහතා කීය.

කෙසේ වෙතත් තවදුරටත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට රටවල් 130කට වැඩි ප්‍රමාණයක පැතිර ගොස් ඇති බවට වාර්තා වන  ඩෙල්ටා ප‍්‍රභේදය ශ්‍රී ලංකාව තුළද ප්‍රධාන කොරෝනා ප්‍රභේදය ලෙස පැතිරෙමින් ඇතැයි අනුමාන කරන බවද ආචාර්ය චන්දිම ජීවන්දර වැඩි දුරටත් කියයි.