I සුගත් පී. කුලතුංගආරච්චි
රටේ අස්සක් මුල්ලක් නෑර දැන් පැතිර ඇති බවට සැක කළ හැකි ඩෙල්ටා වෛරසය ප්‍රභේදයේ තවදුරටත් පැතිර යාම පාලනයට වහා පියවරක් නොගතහොත් ඉදිරි සතිය වන විට මරණ සංඛ්‍යාව දිනකට 100-150ත් පන්නා වාර්තා විය හැකි බව ඖෂධ සහ සෞඛ්‍ය සම්බන්ධ ජාත්‍යාන්තර උපදේශක ආචාර්ය සංජය පෙරේරා පෙන්වා දෙයි.
තවද මෙම වෛරසය දැන් වයස අවුරුදු 50ට අඩු කණ්ඩායම්වලට හානිකර ලෙස පැතිර යාමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය කළ හැකි බවද එය ඉතාමත් භයානක ප්‍රවණතාවක් බවද ඔහු පෙන්වා දෙයි. රට මුළුමනින්ම වැසීම මෙයට පිළියමක් නොවූවද ඒ වෙනුවට සංචරණ සීමා තවදුරටත් පවත්වා ගනිමින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම භාවිතය විධිමත්ව රජය මැදිහත්ව නියාමනය මෙයට සුදුසු පිළියම ලෙස ඔහු යෝජනා කරයි.