2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

ගමේ වැඩට දෙන මුදලින් ශ්‍රීලනිපය සීයට 20ක් ඉල්ලයි

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 27

I සංජීවිකා සමරතුංග

රජයේ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමේදී එයින් 20%ක ප්‍රමාණයක්වත් ශ්‍රීලනිපය නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලනඥයන්ට ලබාදෙන ලෙස ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවති හමුවේදී මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොහොට්ටුවට ප්‍රාදේශීය සංවර්ධන ප්‍රතිපාදනවලින් 80%ක් ලබාගෙන ආණ්ඩුව පිහිටුවීමට දායක වූ තම පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ට 20%ක්වත් ප්‍රතිපාදන ලැබිය යුතු යැයි ශ්‍රීලනිප නියෝජිතයෝ අවධාරණය කළෝය. එසේම ප්‍රාදේශීය දේශපාලනයේදී පොහොට්ටුවේ ඇතැම් නිලධාරීන්ගේ යම් යම් අකටයුතුකම් සිදුවන බවද ඔවුහු පවසා සිටියහ.