2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

ගුරු පොකුතරක් මට චෝදනා කර පලක් නෑ

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 30

I ගයාන් ගාල්ලගේ

කොවිඩ් ගුරු පොකුරක් හදන බවට තමන්ට චෝදනා කර පළක් නොමැති බවත් විසඳුම් ලැබෙන තෙක් ගුරු අරගලය ඉදිරියට රැගෙන යන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා දේශයට පැවසීය.

ආණ්ඩුව ගුරු අරගලයට විසඳුම් ලබා නොදී කල්මැරීම හේතුවෙන් ගුරු විදුහල්පති අරගලය දිග්ගැස්සී ගිය බවද හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුවේ පාර්ශ්වයන් විසින් තමන්ට මේ අරගලය සම්බන්ධයෙන් චෝදනා නැගුවත් තමන් මේ අරගලයට එකතු වන වෘත්තීය සමිති කිහිපය අතර එක් වෘත්තීය සමිතියක් පමණක් වන බවද ඔහු වැඩිදුරටත් කීය.