I සංජීවිකා සමරතුංග
ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යාම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් ආනයනයට රජය විසින් කැඳවන ලද ටෙන්ඩරය අනුව සුදුස්සන් තෝරාගැනීම දිනෙන් දිනම කල් දැමීම පිටුපස ව්‍යාපාරික රහසක් ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
ටෙන්ඩරය අනුමත කළ යුතු තාක්ෂණ කමිටුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා සහාය විය යුතු නමුත් ඒවායේ ඇතැම් බලධරයන් සහල් මෝල් මාෆියාවේ බලපෑමට හසුව මෙම ටෙන්ඩරය ප්‍රමාද කරන්නේදැයි මේ වන විටත් රහසිගත විමසුමක් සිදු කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙම අතිරික්ත සහල් තොගය හැකි ඉක්මනින් මෙරටට ගෙනැවිත් මෝල්කරුවන් විසින් නිර්මාණය කරන ලද අධික සහල් මිල පාලනය කිරීමට අවශ්‍ය පියවර වෙළෙඳ අමාත්‍යාංශය මගින් ගනු ලබන බව ඔහු අවධාරණය කළේය.