I ගයාන් ගාල්ලගේ
ජූලි අවසන් සතිය හා සසඳන විට පසුගිය සතියේ මෙරට කොවිඩ් රෝගීන් 26%කින්ද මරණ 20%කින්ද වර්ධනය වී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දේශයට පැවසීය.
මෙම තත්ත්වය ශීඝ්‍ර වර්ධනයක් බවත් ඒ නිසා ජනතාව උපරිම සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කළ යුතු බවත් ඇය සඳහන් කළාය.
විශේෂයෙන් මේ දිනවල එන්නත්කරණය දිවයින පුරා සිදුවන නිසා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ළඟම ඇති මධ්‍යස්ථානයකින් එන්නත ලබාගන්නා ලෙස බවත් ඇය පැවසුවාය.