I ව්‍යාපාරික වාර්තාකරු
අතරමැදියන්ට වී මිලදී ගැනීම තහනම් කිරීමෙන් පසු ඔවුන් වී මිලදී ගැනීම සඳහා නව ජාවාරමක් ක්‍රියාත්මක කර ඇතැයි රජයට පැමිණිලි ලැබී තිබේ.
මෙම ජාවාරමේදී සිදුවන්නේ අතරමැදි වී මිලදී ගන්නන් රුපියල් ලක්ෂ 15ක් වටිනා ඉතා කුඩා වී මෝලක් මිලදී ගෙන එම ව්‍යාපාරය තමන් නමින් ලියාපදිංචි කිරීමයි. එලෙස ලියාපදිංචි කරන්නේ ඔවුන්ද අතරමැදියන් නොව සහල් නිෂ්පාදකයන් බව අඟවා පනවා ඇති නීතියෙන් රිංගා ගොස් විශාල වශයෙන් වී මිලට ගෙන සහල් මිල හිතුමතේ නැංවීමටයි.
අම්පාර, මඩකලපුව, පොළොන්නරුව ආදී දිස්ත්‍රික්කවල මෙලෙස පසුගිය දිනවල අතරමැදියන් කුඩා වී මෝල් රාශියක් ලියාපදිංචි කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට පැමිණිලි ගණනාවක්ම ලැබී තිබිණි. ඒ අනුව මෙම ජාවාරමේ නියුතු අතරමැදි වෙළෙඳුන් හඳුනාගෙන ඔවුන්ගේ කුඩා හාල් මෝල් ජාවාරම නැවැත්වීම පිණිස ඒවායේ ලියාපදිංචිය අහෝසි කෙරෙන නීති පැනවීමට වෙළෙඳ අමාත්‍යවරයා අදාළ බලධරයන්ට උපදෙස් දී තිබේ.