2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

හඳුනා නොගත් මළ සිරුරු අවසන් කටයුතු සිදු කරයි

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 27

I ගයාන් ගාල්ලගේ

මෘත ශරීරාගාරවල මළ සිරුරු තවදුරටත් ගොඩගැසීම වැළැක්වීම සඳහා කොවිඩ් හෝ කොවිඩ් නොවන හඳුනා නොගත් මළසිරුරු සියල්ලෙහි අවසන් කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා පොලීසීය තීරණය කර ඇත.

එසේම දැනට බස්නාහිර පළාතේ රෝහල් නවයක 2017 වසරේ සිට හඳුනා නොගෙන තිබු මළ සිරුරු 131ක අවසන් කටයුතු සිදු කිරීමටත් පොලීසිය තීරණය කර තිබේ. ඒ සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් අධිකරණ අවසර ලබාගැනීම සඳහා දැනටමත් පොලිස් ස්ථානාධිපතිවරු කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

විශේෂයෙන් එලෙස හඳුනා නොගත් මළ සිරුරුවල අවසන් කටයුතු කරන මොහොතේ මැරුණු තැනැත්තාගේ ඇඟිලි සලකුණු සහ ඩී.එන්.ඒ. සාම්පල ලබාගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.